ads

Beginners tutorials for C++ (part 2 variables and data types)

Related image


ඉතින් කටිය කොහොමද ? ඔන අද මන් අරන් ආවේ  c++ එකේ  දෙවෙනි පාඩම, අද මන් කියලා දෙන්නම් මේ  variable කියන්නේ මොනවද , data types  කියන්නේ මොනවද කියලා.

හරි මුලින්ම අපි බලමු variable කියන්නේ මොනවද කියාලා.

අපි ඔනැම programming language එකින්   program ලියද්දී අපිට සිද්ද වෙනවා දත්ත  (data) store කරගන්න 
PC memory එකේ. උදාහරනයක් විදිහට අපි හිතමු අපි පොඩි app එක්ක් හදනවා මගේ නම enter කරාම මගේ නම memory එකේ  store කරගෙන ඉදලා "whats my name?"කියලා අහුවාම මගේ නම කියන්න. ඉතින් මේ නම කෙලින්ම අපිට memory එකේ store කරන්න බෑ , අපිට නම store කරන්න ඔනේ නම් අපිට memory එකේ පොඩි ඉඩක් වෙන් කරගන්න වෙනවා,එහම වෙන් කරගන්න ඉඩට කියන්නේ variable එකක් කියලා,එත්කොට අර කිව්ව උදාහරණය අනුව අපිට නම store කරගන්න ඔනේනම් අපිට variable එකක් අස්සට නම දාන්න වෙනවා.ඉතින් මේ variable එකක් හදාගන්න එක ඉතා ලෙසි වැඩක් , variable එකට කැමති නමක් දෙන්නත් පුලුවන්. Eg : hothambuwa :)

ඉතින් ඉලග දේ තමයී data types,data types ගැන ලෙසියෙන්ම කියන තියෙන්නේ මෙචරයී, අපි programming කරන්නේ  high level language නොහොත් අපිට තෙරෙන English හා සමාන 
language එකින් උනාට pc එක use කරන්නේ 1 හෝ 0 (on / off). ඉතින් pc එකට අපි දෙන instructions නමක්ද , වචනයක්ද,අකුරක්ද, ඉලක්කමක්ද කියලා pc එක දන්නේ නෑ.
ඉතින් ඒ නිසා අපිට සිද්ද වෙනවා  අපි program එකේ ලියන කියන දෙවල් මොනවද කියලා pc එකට කියන්න, අපි තවදුරටත්  data types ගැන කියනවන්ම් data types ප්‍රදාන 5 තියනවා.ඒවා තමයී 

String
int
double
float
char


හරී මන් දැන් data type යොදාගන්න තැනක් පෙනනම් , අපි ඉසෙලා උදාහරණය ගන්නම්, අපි කිවා නම  store කරන්නම් variable එකක් හදලා එක අස්සට නම දාගන්න ඔනේ කියලා, ඉතින් අපි දන්නව නමේ එන්නෙ වචනයක්  කියලා නමේ එන්නේ නෑ ඉලක්කම්, ඉතින් අපි නම්  store කරන්න variable එක හදද්දී අපි කියන්න ඔනේ මේ variable එක වචන  විතරක් store කරන්න  type එකේ variable එකක්  කියලා ඉතින්  එක C++ වලන්ම් කරන්නේ මෙහෙමයි  

string name;

හරි පෙනවා නෙද අපි කියලා තියන්වා string name කියාලා , මෙතනදි string කියනේ variable type එක,අපි ඔනෑම අවස්ථාවක වචනයක් store කරගනවම් string කියෙන data type එක යොදාගන්නවා.ඉලගට තියෙන data type එක int,int කියන්න data type එකෙන් කියන්නේ මෙය ඉලක්කමක් කියලා හැබැයී int data type එකෙන් හදන variable එක්ක decimal (දෂම ස්ථාන ) යෙදෙන ඉලක්කම් store කරන්න බෑ, එතකොට 
තමයී double data type එක එන්නෙ,double data type එකට පුලුවන් decimal numbers store කරගන්න.float උත් double වලට සමානයි එත් float වල bit width එක අඩුයී (පස්සේ bit width ගැන කියන්නම්.)

ඉතින් ඔන්න ඕහොමයී  data types ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. මන් පහල  පොඩි  C++ example එකක් දාන්නම්.


#include <iostream>
using namespace std;

int main() {

string name;  // name එක string එකක් මොකද වචනයක් නිසා   
int age;      // age එක int එකක් මොකද   age එක අපි කියනකොට decimal ගනන් කියන්න නැති නිසා.
double distance; // distance එක decimal values එන්නත් පුලුවන් නිසා  double data type 

 cout << "please enter your name :";
 cin >> name;

 cout << "please enter your age :";
 cin >> age;

 cout << "please enter distance :";
 cin >> distance;


cout << "your name is :"<<name;
cout << "your age is :"<<age;
cout << "distance is :"<<distance;




system("pause");

}  // end of main block



exercise : ඉහත example එක්කේ data types වෙනස් කරලා බලන්න මොකද වෙන්නේ කියලා :)

පුලුව්න් කමක් තිබොත් යාලුවොන්ට ඉගෙන ගන්න share කරන්න post එක :)

No comments:

Powered by Blogger.